අපනයන හිතකාමී ආර්ථිකයකට සියලු පහසුකම් සලසනවා - මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා

ජපාන වෙළඳ හා කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් ඊයේ (03) මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හමු විය. එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජන හා වෙළඳ කටයුතු වඩාත් පහසුකිරීමේ විධිමත් ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කළහ.ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනූර් මහතාගේ මූලිකත්වයෙන් යුත් ජපාන වෙළඳ හා කර්මාන්ත මණ්ඩල නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා සහභාගි විය.ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශ ආයෝජකයන්ට බලපාන බදු ප්‍රතිපත්ති පිළිබඳව ඔවුන් මෙහිදී සිය අදහස් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.

Read more: අපනයන හිතකාමී ආර්ථිකයකට සියලු පහසුකම් සලසනවා - මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා

රාජ්‍ය අංශයේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජපානයෙන් රු.මිලියන 358 ක්

රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින්  මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. ඒ අනුව, මෙම වැඩසටහනෙහි  පළමු කාර්යරාමුව (2010-2013) සහ දෙවන කාර්යරාමුව (2014-2017)  යටතේ නිලධාරීන් 120 දෙනෙකු හට (වසරකට 15 දෙනෙකු බැගින්) අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී ඇත.

Read more: රාජ්‍ය අංශයේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජපානයෙන් රු.මිලියන 358 ක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ වෙළෙඳ සංගම් නියෝජිතයන් අතර හමුවක්.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පළාත් ව්‍යවසායකත්ව මණ්ඩලය යටතේ වන ප්‍රාදේශීය  වෙළෙඳ  සංගම් නියෝජත හමුවක් අද (28) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. බදු ගණනය කිරීම සහ බදු ගෙවීම සම්බන්ධයෙන් තමන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහි දී එම නියෝජිතයෝ අදහස් පළ කළහ. සුළු ව්‍යාපාරිකයන් බදු ගෙවීමේ දී මුහුණ දෙන ගැටලුවලට ඉදිරි අයවැය මගින් විසඳුම් ලබා දීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එහි දී කියා සිටියේ ය.මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 

Read more: මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ වෙළෙඳ සංගම් නියෝජිතයන් අතර හමුවක්.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAP) සඳහා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වු ජාත්‍යන්තර අරමුදල (IFAD) මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 33.7 ක මූල්‍යාධාර ලබා ගැනීම

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAP)ක්‍රියාත්මක කිරීමට අදාළ මූල්‍ය ගිවිසුම ජූනි මස 26 වන දින ශ්‍රී ලංකා රජය හා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වු ජාත්‍යන්තර අරමුදල (IFAD)අතර අත්සන් තබන ලදි. මෙම වැඩසටහන රාජ්‍ය, පෞද්ගලික හා ජනතා සහයෝගීතාව පදනම් කොටගෙන නිර්මාණය වූවකි. සුළු ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම, රැකියා අවස්ථා උදා කරලීම හා ග්‍රාමීය ප්‍රදේශ වල ගෘහස්ථ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට උපකාර වන පරිදි කෘෂි නිෂ්පාදන සැකසීම, බෙදාහැරීම හා වෙළද‍පොල යනාදියෙන් සමන්විත ව සුළු ගොවීන් සඳහා කෘෂි ව්‍යාපාර අගය දාම සංවර්ධනය කිරීමට මෙහි දී සැලසුම් කොට ඇත

Read more: කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAP) සඳහා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වු...

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ අපනයන මත පදනම් වූ ආර්ථික හා මූල්‍ය මධ්‍යස්ථානයක් කිරීම රජයේ සැලැස්මයි.

නව අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා තම පළමු නිල විදේශ සංචාරය නිමාකරන ලදී. ඒ ජූනි මස 16, 17 යන දෙදින තුළ කොරියා ජනරජයේ ජේජු දූපතේ පැවැති ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අධිපති මණ්ඩලයේ සැසිවාරයට සහභාගී වීමෙනි.ආරම්භක සැසිවාරයට සහභාගීවීමෙන් පසු, ආසියාවේ යටිතල පහසුකම් ප්‍රමුඛතා සඳහා මූල්‍ය සම්පාදනය පිළිබඳ පැවැති අධිපතිවරුන්ගේ වටමේස සාකච්ඡාවකට සහභාගී විය.මෙම සාකච්ඡා අතරතුර, විශාල පරිමාණයේ යටිතල ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනය කරා පියනගන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා පැහැදිළි කළේය.

Read more: ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ අපනයන මත පදනම් වූ ආර්ථික හා මූල්‍ය මධ්‍යස්ථානයක් කිරීම රජයේ සැලැස්මයි.

You are here: Home News and Events